එක්සත් ජනපද ඔත්තු සේවා කොන්ත්‍රාත්කරුවෙකු වන Edward Snowdenට රුසියානු ජනාධිපති පුටින් විසින් එරට පුරවැසිභාවය ලබා දී තිබෙනවා.

අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ (CIA) රහස් ඔත්තු මෙහෙයුම්වල දත්ත හෙලිදරව් කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීමෙන් වසර නවයකට පසු මෙලෙස ඔහුට පුරවැසිභාවය ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

CIA හි සේවය කරමින් සිටි ඔහු 2013 වසරේදී එම ඒජන්සිය විසින් සිදුකරන ලද දේශීය හා ජාත්‍යන්තර නිරීක්ෂණ හෙළි කර තිබෙනවා.

පසුව Edward Snowden අමෙරිකාවෙන් පළාගොස් රුසියාව වෙත ගොස් එරට සරණාගතභාවය ලබාගෙන තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version