හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු අබිරහස් සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.
මෙම අබිරහස් වස්තුව දකින්න ලැබී ඇත්තේ ජපාන තාරකා විද්‍යාඥයන්ටය. ජපන් විද්‍යාඥයන් ඔවුන්ගේ සුබරු දුරේක්ෂය හරහා මෙම අබිරහස් වස්තුව නිරීක්ෂණය කළ බව ද පැවැසෙයි.
මෙම වස්තුව දකින්න ලැබී ඇත්තේ හවායි දූපත්වලට අයත් මවුනාකේ දූපතට ඉහළින් අහසේය. අබිරහස් වස්තුව විද්‍යාඥයන් පුදුමට පත් කිරීමට සමත් වී ඇත.
පසුව එම “පියාඹන සර්පිලාකාර වස්තුව” සැබවින්ම SpaceX දිනට පෙර දියත් කරන ලද නවතම චන්ද්‍රිකාවක් බව එම තාරකා විද්‍යාඥයන් පැවසීය.
“ස්පේස්එක්ස් (SpaceX) සමාගම විසින් නව චන්ද්‍රිකාවක් දියත් කිරීම හා සහසම්බන්ධව එය සර්පිලාකාර ලෙසින් පෙනේ” යනුවෙන් ජපානයේ ජාතික තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ සුබාරු දුරේක්ෂ නිලධාරීන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලියා තිබේ.
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.