කටාර් රාජ්‍යයේ පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයට සමගාමීව ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය විසින් මීගමුව වෙරළ තීරයේ ‘FIFA කලාපයක්’ නම් කර තිබෙනවා.

මේ යටතේ සංචාරකයින්ට විවිධ පැකේජ යටතේ මෙම කලාපය සඳහා පැමිණිය හැකි අතර කටාර් සහ ඩුබායි රාජ්‍යවලට වඩා අඩු මුදලකට මෙම පැකේජ හඳුන්වාදී ඇති බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ.

2022 පාපන්දු ලෝක කුසලානය සඳහා කටාර් රාජ්‍යය වෙත පැමිණෙන සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම මේ මඟින් අපේක්ෂා කෙරෙන අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ලෝකයට ධනාත්මක පණිවිඩයක් ගෙනයාම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version