තමන්ටම කියා සිහින නිවසක් ගොඩනංවා ගැනීම කොයිකාගෙත් සිතේ පවතින සිහින කන්දරාවෙන් එකකි. එමෙන්ම එම නිවස වඩාත් සුඛෝපභෝගී සහ නවීන පන්නයේ සිහින නිවසක් කර ගන්නට ඇත්නම් එය කෙතරම් වටිනවාද. බොහොමයක් දෙනාගේ සිත් තුළ නවීන පන්නයේ සිහින නිවසක් පිළිබඳව සිහිනයක් පැවතියද මූල්‍යමය ගැටලූ හේතුවෙන් බොහෝදෙනෙක් සාමාන්‍ය නිවසක් ඉදිකර ගැනීමට පෙළඹෙයි. නමුත් ඔබගේ යහළුවන්ගේ අසල්වැසියන්ගේ නවීන පන්නයේ නිවෙස් දකින විට ඔබේ සිතටත් සියුම් කණගාටුවක් ඇතිවන බවද සත්‍යයකි. නවීන පන්නයේ නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන ඔබ එහි ගෘහ අලංකරණය පිළිබඳව ද වඩාත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය කාරණයකි.

කෙතරම් විශාලව නිවසක් ඉදි කළ ද එහි සුන්දරත්වයක් නොමැතිනම් නිකම්ම නිකම් බිත්ති කිහිපයක් මෙන් පෙනෙනු ඇත. නිවසේ සුන්දරත්වය පිළිබඳව සැලකිලිමත් වන ඔබ විසින් මුලින්ම සිතිය යුත්තේ ඔබේ නිවසට ගැලපෙන තේමාවකි. තේමාවකට අනුව සියලු දේ සැලසුම් කිරීම තුළින් ඔබේ නිවස වඩාත් සරල නිවසක් බවට පත්කර ගැනීමට පුළුවනි. අනවශ්‍ය ආකාරයට සෑම දෙයක්ම නිවස තුළ පුරවා ගන්නවාට වඩා සීමාවකට අනුව නිවස අලංකාර කිරීම වඩාත් යෝග්‍යයි. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ මුළු නිවසටම එකම තේමාවක් යොදා ගැනීම සුදුසු බවයි. එසේ නොකිරීමෙන් ඔබේ නිවස තරමක් දුරට කලබලකාරී ස්වරූපයක් ගනු ඇති. ඔබේ නිවසට සරිලන තේමාවක් තීරණය කිරීමේදී නිවසේ ඇති ඉඩකඩ, නිවැසියන්ගේ රුචිකත්වය, ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම යනාදී කරුණු පිළිබඳවද සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය වේ.

උදාසීන වර්ණ වලින් හැඩ ගැන්වුණු ආලින්දයක්

නිවසේ ඉඩකඩ උපරිමව භාවිතා කරමින් තේමාවට ගැලපෙන පරිදි විවිධ අංග එකතු කිරීමේ අවස්ථාව එවිට ඔබට උදාවේ. ඔබ ස්වභාවධර්මය ඔබේ නිවසට තේමාව වශයෙන් යොදා ගන්නේ නම් අනවශ්‍ය ප්‍රමාණයට විසිතුරු ශාක වර්ග මල් වර්ග යනාදිය තැබීම ද උචිත නොවේ. සොබාව ධර්මය තේමාව වශයෙන් යොදා ගන්නේ නම් ගෘහ උපකරණ සඳහා යොදාගත යුතු වන්නේ උදාසීන වර්ණයි. ලී බඩු ආදියට තීන්ත වර්ග ආලේප කරන්නේ නම් සියලුම ලී බඩු වලට තීන්ත ආලේප කළ යුතුයි. නිවස සඳහා යොදා ගන්නා සියළුම අංග එනම් සිවිලිම, ටයිල් සහ බිත්ති යනු නිවසේ වටපිටාවයි. මෙහිදී තේමාව සැමවිටම මානසික සුවතාවයක් මෙන්ම ශරීරයට සැප පහසුවක් ගෙන දෙන ආකාරයට යොදා ගතයුතු වේ.

සෑම තැනම තේමාව අධිකව යොදා ගැනුණු විට සිතට කලබලකාරී බවක් ගෙනදේ. ඔබගේ නිවසේ තේමාව මුහුද නම් මුහුදු පැහැය, මුහුදේ රැල්ලෙ පැහැය, මුහුදේ වෙරළේ පැහැය යනාදිය එක් පින්තාරුව ක කොටු හතරක් ලෙසින් පැහැයන් හතරක් යෙදීම පවා මුහුදු වෙරළෙ තේමාව පැවසීමට ප්‍රමාණවත්. එවැනි කාරණාවන් සම්බන්ධයෙන් දැනුවත් වීම හරහා ඔබගේ නිවහන තැනීම සඳහා මුදල් මෙන්ම අනෙකුත් සම්පත් ආයෝජනය කිරීම වඩාත් බුද්ධිමත් ක්‍රියාවකි. එසේ නොකළ හොත් අවසානයේ දී ඔබට සිදුවන්නේ අපතේ ගිය මුදල් පිළිබඳව සිතමින් කණස්සළු වීමටයි. බොහෝ දුෂ්කරතාවයන් මධ්‍යයේ නිවසක් ඉදි කර ගනුයේ ඔබගේ ආදරණීයයන් සමග සතුටින් නිදහසේ ජීවත් වීම උදෙසා වන අතර නිවසට අත්‍යවශ්‍යම දේවල් පමණක් එකතු කරගැනීමෙන් නිවහන ගොඩ නංවා ගන්නට ඇත්නම් එය වඩාත් සුන්දර වේවි. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Lifestyle සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version