ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම ලබන දෙසැම්බර් මස 8 වැනිදායින් පසුව සිදුකෙරෙන බව කතානායක කාර්යාලය පවසනවා.
21 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම සිදුකරන බවයි සඳහන් වන්නේ.
මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය යටතේ සාමාජිකයින් පත් කිරීමට නියමිතයි.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.