රටේ ආර්ථිකය යහපත් වීමත් සමඟ වී මිල දී ගැනීම ඇතුළු පියවර තුනක් යටතේ කඩිනම් ජනතා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (13) තීරණය කළේය.

ළමා මන්දපෝෂණය තුරන් කිරීම සහ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මේ වනතෙක් පාරිතෝෂික නොගෙවූ සේවකයන් 18,000කට අධික පිරිසකට කඩිනමින් පාරිතෝෂික මුදල් ගෙවීමටත් අමාත්‍ය මණ්ඩලයේ දී තීරණය කළේය.

මෙම වැඩපිළිවෙල වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 19 ක් වෙන් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සවස අමාත්‍ය මණ්ඩලය රැස්විය.

රජයේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරුණු වහාම අමාත්‍ය මණ්ඩලයේ දී ගත් තීරණය අනුව පියවර තුනක් ලෙස වී මිලදී ගැනීම, මන්දපෝෂණය දුරු කිරිම සහ ගැබිණි මව්රුන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීම, පාරිතෝෂික නොගෙවූ 18,000ක ට අධික සේවක පිරිසකට එම මුදල් ගෙවීම යන වැඩසටහන් වහාම ක්‍රියාත්මක කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය. (ලංකාදීප)

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version