සහනාධාර අවශ්‍ය අයට දෙන්නත් අනවශ්‍ය අයට නොදෙන්නත් දේශපාලඥයින්ට කොන්දක් තිබිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු අයගෙන 50% ක පමණ පිරිසකට එය නොලැබෙන බවද, මේ වන විට සමෘද්ධි සහනාධාරය ලැබෙන පිරිසගෙන් 40% ක ප්‍රමාණයක් එය ලැබීමට සුදුසුකම් නැති බවද ඔහු පෙන්වා දෙනවා.

දේශපාලඥයින් විසින් ඡන්ද ලබා ගැනීම සඳහා සමෘද්ධි සහනාධාරය පුද්ගලයින්ට ලබාදෙන බවද, එය වැරදි ක්‍රියාවක් බවද අද (29) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළා.

Share.
Leave A Reply

Exit mobile version