සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත වැඩි ඡන්ද 81කින් අද (08) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා. එහිදී පනතට පක්ෂව ඡන්ද 91ක් සහ විපක්ෂව ඡන්ද 10ක් ලැබුණා.

මෙම පනත ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගැනීම සඳහා පක්ෂ එකඟ වී තිබුණත්, පසුව අදාළ පනතට සංශෝධන එකතු කර තිබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා විවාදයක් ඉල්ලා සිටියා.

ඒ අනුව පැවති විවාදයකින් අනතුරුව මෙම ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කර තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version