අපි බලමු මේ ෆුල් සූට් (Full Suit) එක මොකක්ද වගේම එක නිවැරදිව අදින්නේ කොහොමද කියල. සරල සිංහලෙන් ෆුල් සූට් (Full Suit) එකට ෆුල් ගයිඩ් එකක් තමයි මේ.

මුලින්ම මොකක්ද මේ ෆුල් සූට් එක කියන්නේ කියලා අඳුනගමු

ෆුල් සූට් එක අද වෙද්දී එක එක විදිහට ක්‍රියේටිව් ඩිසයින්ස් වලට එක එක මෝස්තරයට තිබුනත් මන් මේ ආටිකල් වල කියන්න යන්නේ බේසික් සූට් එක ගැන. මේකේ ප්‍රභේද කීපයක් තියෙනවා. ඒ වගේම ඉවෙන්ට් එකෙන් ඉවෙන්ට් එකට මේක වෙනස් කම් වෙන අවස්ථා තියෙනව. මන් මේ ආටිකල් සමුහයෙන් සාකච්චා කරන්න යන්නේ ටූ පීස් සූට් (two piece suit) සහ ත්‍රී පීස් සූට් (three-piece suit) කියන දෙවර්ගේ ගැන. තේරෙන්න ඇතිනේ මේ කිව්වේ කොටස් දෙකක් සහිත සහ කොටස් තුනකින් සහිත සූට් වර්ග දෙකක් කියල.

two piece එකට අයිති වෙන්නේ ජැකට් එක සහ ට්‍ර්වුසර් එක කියන කොටස් දෙක තමයි (ටයි/බෝ, ෂර්ට්, වගේ ඒවාට අමතරව ) ඒ වගේම three piece එකේදී අපට ටු පීස් එකේ කොටස් දෙකට අමතරව වේ(ඉ)ස්ට්කෝට් (වෙස්ට් එක) කියන කොටස දකින්න පුළුවන්.

ටූ පීස් සූට් (two piece suit)
ත්‍රී පීස් සූට් (three-piece suit)
වේ(ඉ)ස්ට්කෝට් (waistcoat)

ෆුල් සූට් එක එක එක ෆන්කි පාට වලින් අදින එක නම් එච්චර සුදුසු නෑ. (එහෙම අදින ෆන්කි ඉවෙන්ට්ස් නැතිවම නෙමේ) එත් ප්‍රධාන පාටවල් තියෙන්නේ කීපයයි.black, charcoal, navy blue, grey, khaki වගේ වර්ණ තමයි ඒ. තව කොටු සහිත වගේම ඉරි සහිත ඒවත් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම තැනකට සුදුසු වර්ණය විදිහට සලකන්නේ charcoal වර්ණය. ෆුල් සූට් එකේ කොටස් ටික අදුනගෙන ඉන්න එක ඔක්කොටම කලින් පහසුවක් වෙයි.

මීට අමතරව ජැකට් එකේ පිටිපස්සේ තියෙන පැලුම් වෙන්ට්ස් (vents) විදිහටත් පොකට් එකට දාන ලේන්සුව pocket square විදිහට හදුන්වන්නේ.

ඒ වගේම ෆුල් සූට් එකේදී අපි පළදින විවිද accessories තියෙනවා.

  • ටයි එක හෝ බෝ එක
  • ටයි පින් එක
  • බෙල්ට් එක හෝ සස්පෙන්ඩර් (බ්‍රේස්) එක
  • කෆ්ලින්ක්ස්
  • ලේපල් පින්
  • පොකට් ස්ක්වයා
  • ඩිසන්ට් පෙනුමක් තියෙන වොච් එකක්
සස්පෙන්ඩර් එක කියන්නේ මේක

ගලපාගන්නේ කොහොමද?

මන් අද පළවෙනිම කොටස නිසා ලොකු දෙයක් කියන්න යන්නේ නෑ. බෙසික්ම ගැලපීම් ටිකක් කියන්නං.

  • සූට් එක ඕනවට වඩා ලොකු හෝ හිර නොවිය යුතුයි. මේ කියන්නේ සූට් එකේ බොත්තම් පියවපුවම තමන්ට අපහසුතාවක් හෝ සූට් එකේ රැලි නොපිටිහිය යුතුයි.
  • ෂර්ට් එකේ ස්ලීව් එක මැණික් කටුව අසලින් නැවතිය යුතුයි.
  • ජැකට් එකේ ස්ලීව් එකෙන් පිටට ෂර්ට් එකේ ස්ලීව් එකේ අගල් බාගයක් තුන් කාලක් අවට ප්‍රමානෙකට වඩා නොපෙනිය යුතුයි.
  • කලිසම සපත්තුවට පෑගෙන තරම් දිගක් නොතිබිය යුතු වගේම සපත්තුවේ කරට ටිකක් පහල සීමාවට දිග විය යුතුය.
  • පොකට් ස්ක්වයා එක ෂර්ට් එකේ වර්ණයට ගැලපෙනවනම් හොදයි.
  • ටයි එක ලේපල්ස් වල පළලට සමාන උනොත් ඔයාගේ ස්මාර්ට් ගතිය වැඩි වෙයි.
  • සපත්තු සහ බෙල්ට් එක එකිනෙකට ගලපන්නත් වගබලාගන්න.
  • ඒ වගේම ඔබ සස්පෙන්ඩර් එකක් බාවිතා කරනවනම් බෙල්ට් එකක් නොපලදින එක තමයි හොද.
  • ටයි එක ගැලපෙන වර්ණයක් හෝ රටාවක් භාවිතා කරන්න.
  • අවස්ථාවේ හැටියට ටයි ගැටය භාවිතා කරන්න.
  • ඔයා අදින ජැකට් එකේ බොත්තම් තුනක එකක් නම් ඔයාට මැද බොත්තමයි උඩම බොත්තමයි පියවන්න අවසර තියෙනවා.
  • හැබැයි මැද බොත්තම නොපියව උඩම බොත්තම පියවන එක මේ රීති වලට එකග නෑ.
  • ඒ වගේම උඩම බොත්තම නොපියව ඉන්නත් පුළුවන්, ඔක්ක්කොම බොත්තම් නොපියව ඉන්නත් පුළුවන්.
  • හැබැයි කොයිම වෙලාවකවත් යටම බොත්තම පියවන්න නම් එපා.
  • ඒ වගේම ඔයා අදින්නේ බොත්තම් දෙකේ එකක් නම් ඔයාට අවසර තියෙන්නේ උඩ බොත්තම පියවන්න විතරයි.
  • කවදාවත් ඉදගෙන ඉන්න වෙලාවට එක බොත්තමක්වත් පියවල ඉදගන්න එපා. ඔක්කොම ඕපන් කරන් ඉදගන්න (ජැකට් එකේ ඇ).
  • ඒ වගේම උල් සපත්තු දානවට වඩා හොද වෙන්නේ ෆ්ලැට් ඉස්සරහ ටිකක් රවුම් හැඩයක් තියෙන සපත්තු කියන එකත් අමතක කරන්න එපා.
  • ඒ වගේම පොකට් ස්ක්වයා එක ලස්සන ඩිසයින් එකකට නවාගෙන දාගන්න. මේක පාවිච්චි කරන්න තියෙන එකක් නෙමේ හොදේ. සාක්කුව පාලුවට යනවට තියෙන්නේ ඒ නිසා ඒක එලියට ගන්න එපා.
  • ජැකට් එකේ උරහිස අකිලිලා තියෙන ගතියක් තියෙනවා නම් ඒ කියන්නේ ජැකට් එක ඔයාට ලොකුයි, එහෙම අදින්නත් එපා.
  • ජැකට් එක ඔයා කෙලින් හිටගෙන ඉද්දි අත යටට දිග තිබ්බම ඇති.
  • වෙස්ට්කෝට් එකක් අදිනවන්ම් එකේ බොත්තම් ඔක්කොම පියවන්න මතක් කරලා.
  • අදින ෂර්ට් එක පිටට නොපෙනෙන නිසා එක ලොකු පොඩි වෙන එක ගැන ගොඩක් අය හිතන්නේ නෑ. එහම කරන්නෙපා. ඔයාගේ ඇගට ගානට හිටින, ට්‍රවුසර් එකට යට කරන්න තරම් දිග ෂර්ට් එකක් අනිවා තෝරන්න. එහෙම නොවුනොත් ඔයාගේ පෞර්ශත්වෙට හානියක්.
  • ටයි එක ඔයාගේ බෙල්ට් එකේ ගෑවෙන නොගෑවෙන තරමට දිගට තියෙන්න ඕන.

මහත අය තමන්ගේ ෆුල් සූට් එක තෝරද්දී සලීම් ෆිට් තෝරන්න නම් එපා ඒ වගේම කෙට්ටු අය තමාගේ ශරීරෙ හැටියට සලීම් හෝ රේගියුලර් තෝරාගන්න. ඒ වගේම ටයි එක දාද්දි මහත අය මහත ටයි එකකුත් කෙට්ටු අය කෙට්ටු ටයි එකකුත් දාන්න. ජැකට් එකේ ලේපල්ස් ඒ ගානට වෙන්න ඕන කියලත් මතක තියාගන්න. ඔයා මහතයි නම් ඔයාට බෙල්ට් එකකට වඩා ගැලපෙන්නේ සස්පෙන්ඩර් එකක් හොදේ. මොකද බෙල්ට් එකෙන් අනවශ්‍ය විදිහට බඩ වැඩි වෙලා පෙන්න පුළුවන්. කෙට්ටු අය නම් ඉතින් කැමති එකක් තෝරාගන්න තමන්ගේ ෆැෂන් සෙන්ස් එක අනුව ඔය ටිකක් මිටි කෙනෙක් නම් උස අතට ඉරි තියෙන සූට් එකකින් ටිකක් උස වෙලා පේන්න පුළුවන්. ඔයා ජිම් එහෙම යන කෙනෙක් නම් ඔයාගේ ජැකට් එකේ උරහිස ගොඩක් ගනකමට මහපු එකක් තෝරන්න එපා. මහත කෙනෙක් නම් පිටිපස්සේ වෙන්ට්ස් තියෙන එකක් තෝරාගන්න එක හොදයි. (pawanzpedia)

තව මේ ගැන ගොඩක් දේවල් තියෙනවා කියන්න. වෙන්ට්ස් වර්ග, ජැකට් වර්ග, පොකට් ස්ක්වයා එක නවන විදි, ටයි නොට් ස්ටයිල්ස්, මේ වගේ ගොඩක් දේවල් අපි ඉදිරියේදී කතාකරන්න බලාපොරොත්තු වෙනවා.

එහෙමනම් මේවගේ ෆැෂන් ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Fashion සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනි විලාසිතා ප්‍රවෘත්ති ගැන වැඩි විස්තර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version