සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ලබන සතියේ සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. දිවයිනට පැමිණි බොරතෙල් ගොඩබෑමෙන් අනතුරුව පිරිපහදුවේ කටයුතු ඒ අනුව ආරම්භ කිරීමටයි මෙලෙස සැලසුම් කර තිබෙන්නේ.

බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් ඊයේ (13) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබූ අතර ඊට අමතරව ලබන 23 සහ 29 යන දින අතර කාලයේදී තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version