චීනයට අයත් යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය හාබර් මාස්ටර් වෙත දැනුම්දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ලබන 16 වනදා සිට 22 වනදා දක්වා මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට විදේශ අමාත්‍යාංශයේ අවසර හිමිවී ඇති බවයි හාබර් මාස්ටර් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ. රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලැබී ඇති හෙයින් වරායේ සැපයුම් සහතික කිරීම සඳහා එම නෞකාව විසින් පත් කරන ලද දේශීය නියෝජිතයා සමඟ කටයුතු කරන බව හාබර් මාස්ටර් දන්වා ඇති බව එම වාර්තාවේ සඳහන්.

Share.
Leave A Reply

Exit mobile version