අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර ඇති බව නීතිපතිවරයා ඊයේ (17) අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන පිරිස ඉදිරිපත් කළ පැමිණිලි අභියාචනාධිකරණ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේදී වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද අධිකරණයේ පෙනී සිටි අතර පැමිණිල්ල නැවත පෙබරවාරි මස 23 වනදා කැඳවීමට ද නියම කර තිබෙනවා.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version