සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මූලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇති බවත් ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරන අතරම ආර්ථික දියුණුව උදාකර ගැනීමේ ද්විත්ව සටනක එම රටවල් නියැලී සිටින බවයි.
එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුවන අලාභය සහ හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කිරීම මගින් ග්ලාස්ගෝහිදී ඔවුන්ගේ ප්‍රතිඥාව ඉටු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.