එක්සත් අරාබි එමීර්හි වාසය කරන ශ්රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරුණු ශ්රී ලයන්ස් ක්රීඩා සමාජයේ ශ්රී ලංකා ශාඛාව නිල වශයෙන් ආරම්භ කිරීම ඉකුත්දා කොළඹ එස්.එස්.සී. ක්රීඩා සමාජයේදී සිදු වූ අතර අදාළ ක්රීඩා සමාජය ලබන මැයි මාසයේ පටන් සක්රීයව ක්රියාත්මක කිරීමට නියමිතය.
කැලුම් සුජිත් පෙරේරාගේ අදහසකට අනුව 2019 වසරේදී එක්සත් අරාබි එමීර්හි වෙසෙන ශ්රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් මුල් වරට ශ්රී ලයන්ස් ක්රීඩා සමාජය ආරම්භ කෙරිණි.
මේ වන විට මලල ක්රීඩා, බැඩ්මින්ටන්, ක්රිකට්, පාපන්දු, ගොල්ෆ්, හොකී, දැල්පන්දු, රග්බි මෙන්ම වොලිබෝල් ආදී ක්රීඩා 09ක් එක්සත් අරාබි එමීර්හි ශ්රී ලයන්ස් ක්රීඩා සමාජයේ ක්රියාත්මක වන අතර ක්රීඩා සමාජය ආරම්භ කරමින් පළමුවෙන්ම දැල්පන්දු පුහුණු කඳවුරක් පැවැත්වේ. (දිවයින)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.