එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකකය අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකා රුපියල ලොව තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය Steve Hanke විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් කර තිබෙනවා.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල 47.79%කින් අවප්‍රමාණයවී ඇති බවයි ඔහු සිය වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ.

එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ලොව පළමු සහ දෙවැනි ස්ථානවල සිම්බාබ්වේ සහ කියුබාව පිළිවෙලින් පවතිනවා.

Share.
Leave A Reply

Exit mobile version