ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිවුහගත කිරීම සඳහා තවත් රටවල් හතරක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් මෙසේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය සහතික ලබා ලබා දී ඇතැයි අලි සබ්රි මහතා පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාව ගෙවමින් සිටින දුෂ්කර කාලයේදී මෙරටට සහාය වීම පිළිබඳව සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් ස්තුතිවන්ත වන බව සබ්රි මහතා තැබූ සටහනේ දැක්වේ.

එසේම නැවත වරක් ඉන්දියාවට , පැරිස් සමාජයට සහ චීනයට ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනමන බව සබ්රි මහතා ප්‍රකාශ කර ඇත. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version