පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 විසර්ජන පනත් සංශෝධන කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වීමට දින නියම කර තිබෙනවා.

එම විවාදය එළඹෙන අගෝස්තු 30,31 සහ සැප්තැම්බර් 1,2 යන දිනවල පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා පැවැත්වීමටයි ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙන්නේ.

එසේම විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව විදුලිබිල් ගාස්තු වැඩිකිරීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 29 වැනිදා පැවැත්වීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version