මාර්තු මස 31 වනදා සිට මැයි මස 15 වනදා දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ ගිනිතැබීම් ඇතුළු විනාශකාරි සිද්ධීන් පිළිබඳ සෙවීම සඳහා පත් කළ කොමිසමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

එහි කාලය ලබන නොවැම්බර් මස 30 වනදා දක්වා ඒ අනුව දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ සිද්ධින් පිළිබඳ සොයා බලා අගෝස්තු 31 වන දිනට පෙර ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම කොමිසම පත් කර තිබුණා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version