ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ අනුව අද (09) උදෑසන සිට යළි විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ඊයේ (08) දහවල් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version