ඊයේ (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී ඇති බව මානව හිමිකම් කොමිසම පවසනවා.

ඒ අනුව එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඇතුළු සියලුම පාර්ශව එකළඟතාව පළ කර බවයි නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබුණා.

Share.
Leave A Reply

Exit mobile version