ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා ලෙස රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නව නාවික හමුදාධිපති වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති ගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාරදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදුකර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version