වයසට නොයා හැමදාමත් තරුණ පෙනුම රැකගන්න පුළුවන් නම් හොඳයි නේද ? ඒ සඳහා යම් කිසි දෙයක් කිරීමට ඔබට අවස්ථාව ලැබුණොත් ඔබ කුමක් කරයිද ? ඔව් , අනිවාර්යයෙන්ම ඔබ එම ක්‍රම අත්හදා බලන බව අප දන්නවා. මෙසේ තරුණ භාවය රැකගැනීමට විවිධ වූ පෙති එන්නත් වර්ග ගැනීම සිදුකළද එහි ප්‍රතිඵල යම් අවස්ථාවකදී කෙනෙකුට ඉතා භායනක ප්‍රතිඵලයක් ලබා දීමටද හැක. ලංකාවේ අපිට නම් මෙවැනි බෙහෙත් හෝ එන්නත් වලට වඩා දේශීය ගුණයෙන් යුත් ආහාර , පාන වර්ග බොහෝමයක්ම තිබෙනවා. අද අපි ඔයාලට ගෙනාවේ මේ තරුණ බව රැකගෙන ඔබගේ සෞඛ්‍යයත් හොඳ මට්ටමේ පවත්වාගෙන යා හැකි ගුණදායක වන පාන වර්ග කිහිපයක් පිළිබඳවයි.

  • ඉරමුසු පානය මෙය වැල් වර්ගයක් වන අතර කුඩා කැබලි වලට කපා සෝදා වේළා ගන්න. තම්බා තේ කහට මෙන් පානයට ගන්න. සීනි නොදමා හකුරු සමඟ ගැනීම වඩා සුදුසු වෙනවා. සීතලට බොන්න කැමති අයටත් සීනි ස්වල්පයක් මිශ්‍ර කර ශීතකරණයේ තබා ශීත කර පානය කිරීමටත් පුළුවන්. කිරි දෙන මව්වරුන්ට, දියවැඩියා රෝගීන්ට, ඒ වගේම හිසකෙස් වර්ධනයට, ශරීරයේ සැහැල්ලු බව හා පෙනුම රැකදෙන්නටත් මුත්‍රා ආසාදන හා දැවිල්ලටත් ඉරමුසු හොඳ ඔසුවක්.
  • බෙලි පානය හොඳින් ඉදුණු බෙලි ගෙඩියක මැලියම් ගතිය ඉවත් කර ඇට ඉවත් කර බ්ලෙන්ඩර් කර ගන්න. සීනි , ලුණු හා දෙහි ඉතා ස්වල්පයක් එක් කර උදෑසන හිස් බඩට පානය කරන්න. ආහාර දිරවීමේ පහසුව මෙන්ම, ආයුෂ වැඩි කිරීමටත් ශරීරය සිසිල් කරවීමේ ගුණයත් ඇත.
  • නෙල්ලි පානය පස් ගෝ රස හෙවත් නෙල්ලි විවිධ වූ රස 5 කින් සමන්විත වූ ගුණදායක දිව්‍යමය ඖෂධයක් වෙනවා. අපි බෙහෙත් නෙල්ලි කියලත් හදුන්වනවා. හොඳින් සෝදා පිරිසිදු කර ගත් නෙල්ලි ටික හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. අවශ්‍ය නම් සීනි හා ජලය යොදාගෙන පානය කරන්න. මෙම පානය ශීතකර යන්නත් පුළුවන්. සෙම් රෝග, ගෑස්ට්‍රයිටිස් හා ශරීරයේ විෂ උරා ගැනීමට මෙන්ම අකලට වයසට යාම පාලනය හා ඇස් පෙනීමේ වර්ධනයටත් මෙම පානය බෙහෙවින්ම ප්‍රයෝජනවත්.
  • රසකිඳ පානය රක්තවාතය , සමේ රෝග , අර්ශස් , ශරීරයේ උෂ්ණය පාලනය මෙන්ම හෘදයේ දුර්වලතා මඟ හැරවීමට රසකිඳ වැල් වලට හැකියි. ඖෂධීය අතින් ඉහළ මෙය වියළා තම්බා තේ කහට මෙන් පානයට ගත හැකියි. හකුරු ගැනීමත් සීනි නොදැමීමත් වඩා සුදුසුයි.
  • සියඹලා පානය ආහාර ජීරණය පහසු කිරීම , රුධිර පීඩනය , හෘද රෝග හා ආහාර රුචිය වර්ධනයටත් ගනු ලබන සියඹලා යුෂ සාදා ගැනීම හරිම පහසුයි. ඇට ඉවත් කරගත් සියඹලා වලට ජලය ස්වල්පයක් දමා බොර කර එයට සීනි , ලුණු හා කුරුදු , එනසාල් කුඩු ස්වල්පයක් එක් කර පානය සකසා ගන්න. විටමින් C අවශ්‍ය අය සඳහා මෙම සියඹලා යුෂට දෙහි බිංදු කිහිපයක් එක් කර කලවම් කරගෙන පානය කිරීමද ඉතාමත්ම ගුණදායකයි.

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version