ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.
ඒ අනුව ඔහු නවතම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන අතර වනිඳු මෙවර T20 ලෝක කුසලානයේ මේ වන විට වැඩිම කඩුලුලාභියා (13) ද වනවා.
මීට අමතරව මහීෂ් තීක්ෂණ ස්ථාන දෙකකින් පසුබැස ඇති අතර ඒ අනුව ඔහු 9 වන ස්ථානයේ රැඳී සිටිනවා.