එළැඹෙන විස්සයි – විස්ස ලෝක කුසලානයේ දී වනිඳු හසරංග පිතිකරුවන්ට දැඩි අභියෝගාත්මක පන්දු යවන්නෙකු වන ඇති බව ලෝක පූජිත දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

වනිඳු යනු විශිෂ්ඨ පන්දු යවන්නෙකු බව පෙන්වා දෙන මුරලි කියා සිටියේ පසුගිය වසර 2-3 තුළ වනිඳු හොඳින් ක්‍රීඩා කර ඇති බවයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තණතීරුවල දී සාමාන්‍ය දඟ පන්දු යවන්නන්ට වඩා පාදඟ පන්දු යවන්නන් හට වැඩි වාසියක් පවතින බවත්, ඒ නිසා පිතිකරුවන්ට වනිඳු හසරංගට මුහුණ දීම අභියෝගයක් වනු ඇති බවත් මුරලි වැඩිදුරටත් පවසා සිටියා.

Share.
Leave A Reply

Exit mobile version