පවතින ආර්ථික අර්බුදය හමුවේ සහනයක් ලබා ගැනීම සඳහා වත්මන් බදු ප්‍රතිපත්තියට අනුගතවීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මේ අවස්ථාවේ ඇති එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම බවත් මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පියවරේ රැඳී සිටින බවත් පවතින ආර්ථික අර්බුදය යහපත් තත්ත්වයට ගැනීම සඳහා බදු ප්‍රතිපත්තියේ සහ මූල්‍ය ප්‍රතිපත්තියේ අඩුපාඩු නිවැරදි කරගත යුතු බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

පවතින බදු ව්‍යූහය තුළ වැඩි කළ හැකි පහසුම ක්‍රමය වක්‍ර බදු වැඩි කිරීම වන අතර ඒ අනුව වක්‍ර බදු වැඩි කිරීමට රජයට සිදුවූ බවත් බදු ප්‍රතිපත්තිය වසරක් ක්‍රියාත්මක කළහොත් බදු ආදායම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වන බවයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, මේ වන විට 80% ක වක්‍ර බදු සහ 20% ආදායම් බද්ද 60% සහ 40% ලෙස වෙනස් කළ යුතු බවයි.

නිවැරදි බදු ප්‍රතිපත්තිය වන්නේ වැඩි ආදායමක් ලබන පිරිස් වැඩි දායකත්වයක් ලබාදිය යුතු බවත් ඒ තුළින් අඩු ආදායම් ලබන පිරිස් වෙත සහනය ලබාදිය යුතු බවත් ඒ අනුව වැඩි ආදායමක් ලබන සියලුම දෙනා මේ සඳහා දායකත්වයක් ලබා දෙන්නේ නම් සියලුදෙනාටම බදු සහනයක් ලබාදිය හැකි බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version