ලෝකය පුරාම විවිධාකාර ලෙස නිර්මාණය වූ හෝටල් නිවාඩු නිකේතන දක්නට ලැබෙනවා. අධික කාර්යබහුල ජීවිත ගත කරන සියලු දෙනාම ටික කාලයකට විවේකය සඳහා හෝටලයක් තෝරාගන්නේ ගත සිත සැහැල්ලු කරගැනීමේ අරමුණෙන්. ඒ සඳහා ඒවා නිර්මාණය වී ඇති ආකාරය වඩාත් වැදගත්වෙනවා. මේ ලිපිය හරහා බලාපොරොත්තු වන්නේ නිවාඩුව ගත කරන්න කදිම මුහුද යට පිහිටි හෝටල් කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්නයි.
1. මාලදිවයිනේ ෆුවා ඉන් ෆුෂි
මුහුදු පතුලේ පිහිටි ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය නිසාම මාල දිවයිනේ ෆුවා ඉන් ෆුෂි හෝටලය විශේෂ ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මනස සැහැල්ලු වන ස්ථානයක් ලෙසින් ඇති ප්‍රසිද්ධිය නිසාම බොහෝ දෙනා විවාහ මංගල්‍ය උත්සවයක් පවා මෙම හෝටලය පැවැත් වීමට වැඩි කැමැත්තක් දක්වනවා.
2. මාලදිවයිනේ කොන්රඩ් රැන්ගලි නිකේතනය
මුහුදු පත්ලේ නිර්මාණයවී තිබෙන සුන්දරම හෝටලය මාලදිවයිනේ කොන්රඩ් රැන්ගලි නිකේතනය බව නිව්යෝර්ක් ඩේලි පුවත්පත සඳහන් කර තිබෙනවා. කොරල්පර සමීප ලෙස දැකබලා ගත හැකි ලෙස කොන්රඩ් රැන්ගලි නිකේතනය නිර්මාණය කර තිබෙනවා. ඉතා ප්‍රණීත ලෙසින් ආහාර භුක්ති විදීමටත් මෙහි පැමිණෙන්නට හැකියාව ලැබෙනවා.
3. චීනයේ ඉන්ටර්කොන්ටිනල්
ෂැංහයි නගරයේ සිට සැතපුම් 30ක් පමණ දුරින් පිහිටා ඇති ඉන්ටර්කොන්ටිනල් හෝටලය 2015 වසරේ ඉදිකරන ලද හෝටලයක්. දෙමහල් ගොඩනැගිල්ලක් ලෙසින් ඉදි කර ඇති මෙම හෝටලය කෘත්‍රිම ජලාශයක් සහ කෘත්‍රිම උද්‍යානයකින් සමන්විත වෙනවා.
4. සිංගප්පූරුවේ සැන්ටෝසා
මෙහිදී ගොඩබිම හා මුහුදට සම්බන්ධ වෙමින් ඉතා අපූරු අත්දැකීමක් ලබාගන්න පුළුවන්. සිංගප්පූරුවේ සැන්ටෝසා හෝටලය තරුපහේ කාණ්ඩයට අයත් වෙනවා. කාමර 11කින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ල කින් යුතු මෙම හෝටලයේ පවතින විශේෂත්වය නිසාම මෙය මුහුදේ විවෘත කාමරය ලෙස හඳුන්වනවා. මත්ස්‍යයන් හතළිස් දහසක් පමණ සිත්සේ නැරඹීමට අවස්ථාව ලැබෙන නිසාම මෙම හෝටලය සංචාරකයන්ගේ ආකර්ෂණයට පත් විශේෂ ස්ථානයක් බවට පත්වෙලා තියෙනවා.
5. ඩුබායි ඇට්ලන්ටිස් ද පාම් හෝටලය
ඩුබායි දූපතක පිහිටා ඇති ඇට්ලන්ටිස් ද පාම් පැරණි ආකෘතියකට නිර්මාණය කර ඇති අතර කාමර 1500 කින් සමන්විත වෙනවා. බිමෙන් විවෘත වන කවුළු වලින් යුක්ත ද පාම් හෝටලයේ කාලය ගෙවන සංචාරකයන් සඳහා ඩොල්පින් මාධ්‍යන්ගේ දර්ශනීය රංගන දැකබලා ගැනීමටත් හැකියාව ලැබෙනවා.
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.