ලොව පුරා සංචාරය කරන්නන් අතර ප්‍රසිද්ධියට පත් ලෝකයේ සුන්දරම විල් පිළිබඳ සටහනක් මේ ලිපියේ දැක්වෙනවා.

1. ඉතාලියේ කොමෝ විල

උතුරුඉතාලියේ ලොම්බාඩි ප්‍රදේශයේ හිම කඳුවැටි අතර පිහිටා ඇති ඉතා සුන්දර විලක් වන කොමෝ විල උතුරු ඉතාලියේ සංචාරය කරන්නන් අතර බොහෝ ජනප්‍රිය ස්ථානයක් වෙනවා.

2. කැනඩාවේ මැලිග්න් විල

ග්ලැසියර් වලින් පෝෂණය වන සුන්දර කැනේඩියානු කඳු මැද පිහිටා ඇති මැලිග්න් විල එහි සංචාරය කරන්නන්ගේ සිත් ඇදගන්නා සුලු පාරාදීසයක් බවට පත්වී තියෙනවා.

3. ඉන්දියාවේ පිචෝලා විල

ඉන්දියාවේ මහාරානා වරයකු වූ උදයි සිං 14 වන සියවසේදී ඉදිකරන ලද සිය මාලිගාවේ කෘතීමව ඉදිකරන ලද විලක් ලෙස මෙය සැලකෙනවා. මේ විල දෙපස ආකර්ෂණීය දූපත් දෙකක් වන අතර එම දූපත් දෙකෙහිම උදයි සිං විසින් විසල් මන්දිර ඉදිකර තිබූ බව වාර්තා වෙනවා.

4. ටස්මේනියාවේ ඩව් විල

උතුරු මැද ටස්මේනියාවේ පිහිටි මෙම විල සැතපුම් 40ක පමණ භූමි ප්‍රමාණයක විහිදී යන අතර නරඹන්නට අලංකාර දර්ශන නිර්මාණය කරයි.

5. ස්විට්සර්ලන්තයේ ලූස්න(ර්) විල

ස්විට්සර්ලන්තයේ සුන්දර විල් රාශියක් ඇති අතර ලූසර්න් විල ඉන් කැපී පෙනෙන නිර්මාණයකි. 13 සියවසේදී නිර්මාණය වූ මෙය චැපල් පාලම යටින් ලූසර්න් නගරය පුරා ගලා බසී.

6. ඇරිසෝනාහි පවෙල් විල

ක්‍රි.ව 1963 ග්ලෙන් කැනියොන් වේල්ලෙන් හා එක්සත් ජනපදයේ දෙවන විශාලතම මිනිසා විසින් නිර්මාණය කරන ලද විල ලෙස මෙය සැලකෙනවා. විශේෂයෙන්ම චායාරූප ශිල්පීන් හා බෝට්ටු හිමිකරුවන් මෙන්ම ජල ක්‍රීඩා වල නියැලෙන පිරිස් අතරද මෙය ඉතා ජනප්‍රිය වී තිබෙනවා.

7. ටිටිකාකා විල

දකුණු ඇමරිකාවේ අසල්වැසි රාජ්‍යන් දෙකක් වන පේරූ හා බොලිවියාව අතර පිහිටා ඇති මෙම විල වර්ග සැතපුම් 22400ක් පුරා විහිදී පවතී. එය මුළු පුවර්ටෝරිකෝ දූපතට වඩා විශාල වන අතර දූපත් රැසකින් සමන්විත වේ.

8. එංගලන්තයේ කෙස්වික්

එංගලන්තයේ සුන්දර විල් තීරයක් ලෙස සැලකෙන්නේ ක්‍රම්බ්‍රියා ගම්බද ප්‍රදේශයේ පිහිටා ඇති කෙස්විල් විලයි. මෙය උණුසුම සෘතුවේදී දීප්තිමත් ජල කඳකින් සමන්විත වන අතර හිම වැටෙන සමයේදී මුලු විල් තීරයම ආකර්ෂණීය ලෙස හිමෙන් වැසී යයි.

9. ටොහෝ විල

ටොහෝ විල, ඡායාරූප මූලාශ්‍රය: captain kimo

කැලිෆෝනියා හා නෙවාඩා ප්‍රදේශ දෙක යා කෙරෙන මෙම විල් තීරය බොහෝ රාත්‍රී සමාජශාලා ආශ්‍රිතව විනෝදවන පිරිස් අතර මෙම විල් තීරය ඉතා ජනප්‍රිය වී තිබේ.

10. චිලී හි පෙහෝ විල

චිලි හි දිගු ගුවන් ගමනකින් පසුව මෙම විල වෙත ලඟාවිය හැකි අතර එය එතරම් පහසු කටයුත්තක් නොවේ. කඳුකරයේ උස් දර්ශන හා සුන්දර හිරු බැසයාමක් මෙහි පැමිණෙන්නට නැරඹීමට හැකියාව ලැබේ.

එසේ නම්, මෙම ලිපිය බෙදාගැනීමේදී ඔබේ අදහස් පහල අදහස් දැක්වීමේ කොටසෙහි පළ කිරීමට අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.

Share.
Leave A Reply

Exit mobile version