අද (16) පෙරවරුවේ ගෑස් මෙට්‍රික් ටොන් 3,120ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

අදාළ ගෑස් තොගය මේ වනවිට ලාෆ්ස් පර්යන්තය වෙත ගොඩබා ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ගෑස් තොගය ගොඩබෑමෙන් අනතුරුව කඩිනමින් වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ලාෆ්ස් ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version