එළඹෙන වසරේ ගෝලීය ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවන බවට ලෝක ආහාර වැඩසටහන සඳහන් කළ ද, ඊට මුහුණදීමට ශ්‍රී ලංකාව සැලසුම් සහගත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
2023 වසර සඳහා මෙරට සහල් අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කර ගැනීමට ද හැකියාව පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.
එසේම අනෙකුත් බෝග වගාවන් සඳහා ගොවීන් දිරිගන්වමින් කටයුතු කරන බවත් මේ සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.