මහ බැංකු අධිපතිවරයා ලෙස තමන් රුපියල් ලක්ෂ 25ක මාසික වැටුපක් ලබා ගන්නා බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බවට වන චෝදනාවද කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.

මහ බැංකු අධිපති වශයෙන් තමාට ලැබෙන්නේ රුපියල් ලක්ෂ 4 ක පමණ වැටුපක් බවත් එම වැටුපද ඉහළ දැමීමට කටයුතු කර තිබුණේ මීට පෙර මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් විසින් බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version