අපේ රටේ තියෙන්නේ බොලිවුඩ් සිනමාව තරම් දැවැන්ත සිනමාවක් නොවුණට බොලිවුඩයේ දැවැන්ත චිත්‍රපටි රැසක්ම ලංකාවේ තිරගත වෙලා තියෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

බොම්බේ වෙල්වට්

බොක්සිං ක්‍රීඩකයෙක් සහ ගායිකාවක් අතරේ ඇති වුණු ප්‍රේමය පිළිබඳ දිගහැරෙන කතාවක් වුණු බොම්බේ වෙල්වට් සඳහා රංගන දායකත්වය දක්වන්නේ කරන් ජොහාර් හා රන්බීර් කපූර් සමඟ අනුෂ්කා ශර්මා. මේ චිත්‍රපටියේ ඉන්දියාවේ බොම්බේ නගරය විදියට රූගත කිරීම් සිදු කරලා තියෙන්නේ ලංකාවේ බව ඔබ දන්නවාද? එහි රූගත කිරීම් සිදු කරල තියෙන්නේ හම්බන්තොට රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයේ. ඒ වගේම බෙන්තොට පාලම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ගාලුකොටුව වගේ තැන් මේ සඳහා යොදාගෙන තියෙනවා. ඉන් නිරූපණය කරලා තියෙන්නේ මුම්බය නගරයේ හැටේ දශකයයි.

වෝටර්

මේ චිත්‍රපටය නම් ලංකාවේ තිරගත වුණු බව ගොඩක් දෙනෙක් දන්නවා. දීපා මේතා විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයට අපේ රටේ පුංචි නිළිය සරලා කාරියවසම් අයිරාංගනී සේරසිංහ බුද්ධි වික්‍රම වගේ නළු නිළියන්ගේ දායකත්වයක් ලැබිලා තිබුණා. ඒ වගේම මේ චිත්‍රපටිය ගොඩක්ම ජනප්‍රිය වෙන්න හේතුව වුණේ ඔස්කාර් ඇතුළු සම්මාන තිස්දෙකකට මෙය නිර්දේශ වීමත් සමගයි. ඔබ දන්නවාද වෝටර් චිත්‍රපටය රූගත කරලා තියෙන්නේ මොරටුව බොල්ගොඩ ගඟ ආශ්‍රිතවයි.

රෙඩි

සල්මන් ඛාන් ප්‍රධාන රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් ඔහු විසින්මයි. මේ චිත්‍රපටයේ දර්ශණ වලින් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවේ රූගත කරලා තියෙන අතර ඒ සඳහා කොළඹ බෙන්තොට වගේ නගර ඔවුන්ගේ දර්ශන තල ලෙස තෝරාගෙන තියෙනවා. මුලින්ම සල්මන් ඛාන් විසින් මේ චිත්‍රපටය සඳහා මූර්ෂි දේශය තෝරාගන්න උත්සාහ කලත් පසුව එය වෙනස් කරලා තියෙනවා. 2011 තිරගත වුනු මේ රෙඩි චිත්‍රපටිය කොමඩි ඇක්ෂන් රොමෑන්ටික් යන ශාරන්‍ය තුනම නිරූපණය කරන චිත්‍රපටයක් විදියට හඳුන්වනවා. (aayubo)

Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version