රේගුව මගින් රඳවාගෙන තිබූ පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සදහා ආනයනය කර තිබූ උපකරණ තොගය වහාම නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එම උපකරණ තොගය රේගුව බාරයේ රඳවාගෙන ඇත්තේ ඒවා ආනයනය කළ පෞද්ගලික ආයතනයේ ප්‍රමාද දෝෂයක් නිසා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

උපකරණ පිළිකා රෝහලට අවශ්‍ය ඒවා බවට එම රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් ලිඛිතව තහවුරු කළ බවද ඉන් පසුව ඒවා මුදාහැරි බවද අමාත්‍යවරයා කීවේය. (දිවයින)

Share.
Leave A Reply

Exit mobile version