මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩපිළිවෙල සහ පවතින ගැටලු සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යවරයා සහ එම දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙහිදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පිලිබඳව දැනට පවතින ගැටළු සම්බන්ධවත්, ස්මාර්ට් කාර්ඩ් පත් නිකුත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීම සම්බන්ධවත් අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම රියදුරු බලපත්‍ර ලබාදීමේ ලිඛිත පරික්ෂණයන් Online ක්‍රමවේදය ඔස්සේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල සමඟ සම්බන්ධව එකම වේලාවක පැවැත්වීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

Share.
Leave A Reply

Exit mobile version