බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් බිලියන 50 ක අයවැය පරතරය පියවීම සඳහා බදු වැඩි කිරීමට සහ රජයේ වියදම් කප්පාදු කිරීමට බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සහ මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් සූදානම් වන බව එරට මාධ්‍ය පවසයි.

ඉදිරි වසරේදී බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වැඩි වන බදු බර දැරීමට බොහෝ දුරට සිදුවනු ඇතැයි බ්‍රිතාන්‍ය භාණ්ඩාගාර ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

රජයේ වියදම් කප්පාදුවෙන් පමණක් ස්ටර්ලිං පවුම් බිලියන 50 ක අයවැය හිඟය වැසීමට නොහැකි බවත් පොදු සේවා පවත්වාගෙන යාම සඳහා සියලු බදු ගෙවන්නන් හට මේ බර දැරීමට සිදුවන බවත් ඉකුත් 29 වැනිදා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සහ මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සහ මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් ප්‍රථම අයවැය එළඹෙන 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. (රොයිටර්)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version