උද්ධමනය පහත දමා රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම නව වසරේ ප්‍රධානතම අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඒ අනුව මේ වනවිට උද්ධමනය අඩුවෙමින් පවතින බවයි මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
උද්ධමනය තවදුරටත් අඩුවී රටේ පොලී අනුපාත තවදුරටත් පහළ ගොස් ජනතාවට සහ සියළුදෙනාට රටේ ආර්ථිකය යම්කිසි ආකාරයට නැවත යථා තත්ත්වයට පත්වීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.