මැදපෙරදිග, චීනය සහ ඉන්දියාව යන රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

ජනාධිපතිවරයා සහ තානාපතිවරුන් අතර හමුව කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික, සමාජීය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් දැනුවත් කළේය.

පවතින තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන ලෙස ජනාධිපතිතුමා තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

එම රටවල් මෙතෙක් ලබාදුන් සහය පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය.

මැද පෙරදිග රටවල් නියෝජනය කරමින් කොළඹ ඕමාන් තානාපති ජුමා හම්ඩන් හසන් අල් ශේහ්හී, Dr. සුහයෙර් හම්ඩල්ලාහ් සයිඩ්, පලස්තීනයේ තානාපති, කුවේට් තානාපති ඛලාෆ් බු ඪයාර්, කටාර් රාජ්‍යයේ තානාපති ජසිම් බින් ජබෙර් අල් සොරෞර්, ඊජිප්තු තානාපති මගෙඩ් මොස්ලෙහ්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාලෙඩ් නසීර් අල් – අමෙරි, ලිබියා රාජ්‍යයේ තානාපති නසීර් අල්ෆුර්ජානි, අබ්දුලේලාහ් ඒ ඒ ඔර්කොබි,සෞදි අරාබියේ තානාපති කාර්යාලයේ භාරකරු මොහොම්මඩ් ඔබයිඩ් ජෙබුර් අල් මස්වාදි, ඉරාක තානාපති කාර්යාලයේ භාරකරු, චීනය නියෝජනය කරමින් චීන තානාපති කී සෙන්හොන්ග්, දේශපාලන අංශ ප්‍රධානියා වන ලුඕ චොන්ග්, චීනයේ තානාපති කාර්යාලය සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන අය ජනාධිපතිතුමා හමුවිය.

Share.
Leave A Reply

Exit mobile version