රජය දැනට පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන පවසනවා.

ඒ සඳහා ඉදිකිරීම් හා වෙනත් ආයතනවලට ගෙවිය යුතු බිල්පත්ද අයත් බවත් එම බිල්පත් ගෙවිය නොහැකි තත්ත්වයක රජය සිටින බවයි ලේකම්වරයා සඳහන් කළේ.

එම හේතුව නිසා රජය ආදායම් උත්පාදනය කිරීමට නව මූල්‍ය සහ බදු ප්‍රතිපත්ති ගෙන එන බවත් කැප කිරීමකින් තොරව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සිදුකළ නොහැකි බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

එසේම පසුගිය අප්‍රේල් මාසයේදී රේඛීය අමාත්‍යංශවලට ඔවුන්ගේ වියදම් අඩු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට පළමු චක්‍රලේඛය නිකුත් කළ බවත් එම ක්‍රියාමාර්ගයේ යම් ප්‍රතිඵල මේ වන විට දැකගත හැකි බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version