රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (10) දිනයේ කැඳවා ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරනවා.

ඒ අනුව එහිදී රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුවට අද (10) දිනයේ මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡාවක් ලැබී ඇති බවත් එහිදී මෙම ගැටලුව විසඳෙනු ඇති බවට විශ්වාසක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version