බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් ක්රීඩක රකීම් කෝන්වෝල් විස්සයි විස්ස තරඟයකදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.
අමෙරිකාවේ පැවැත්වෙන ඇට්ලන්ටා විවෘත විස්සයි විස්ස තරඟාවලියේ Atlanta Fire සහ Square Drive කණ්ඩායම් අතර තරඟයේදී ඔහු පන්දු 77 කදී නොදැවී ලකුණු 205 ක් රැස් කළ අතර ඊට හයේ පහර 22 ක් හා හතරේ පහර 17 ක් අන්තර්ගත වුණා.
ඒ අනුව ඔහු නියෝජනය කරන Atlanta Fire කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 326 ක් රැස් කර තිබෙනවා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ Square Drive කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.
කෙසේවෙතත් මින් පෙර දිල්ලි ක්රීඩක Subodh Bhati ද අන්තර් සමාජ T20 තරඟයකදී ද්විත්ව ශතකයක් රැස්කර තිබුණා.