යුක්රේනයේ ජනාධිපති Volodymyr Zelensky රිය අනතුරකින් තුවාල ලැබීය. යුක්රේන මාධ්‍යවලට අනුව ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවේ.

ජනාධිපති සෙලෙන්ස්කි, ආරක්ෂක කාර්ය මණ්ඩලය කැටුව, කියෙව් නගරය හරහා රථ පෙළපාලියක ගමන් කරමින් සිටියදී වේගවත් මෝටර් රථයක් ජනාධිපතිවරයාගේ මෝටර් රථය සමඟ ගැටී ඇත.

වාර්තා වලට අනුව, මෝටර් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහුව යොමු කෙරීය.

විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ජනාධිපති සෙලෙන්කි පරීක්ෂා කර ඔහුගේ තුවාල සැලකිය යුතු නොවන ඒවා බව නිගමනය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක සර්ජි නිකිෆෝරොව් පැවසීය.

Share.
Leave A Reply

Exit mobile version