මුහුදු බඩ දුම්රිය මාර්ගයේ හික්කඩුව දොඩන්දූව දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (13) දහවල් මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් විහාරාධිපති හිමිනම සහ රියදුරු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව හික්කඩුව පොලීසිය කියයි.

විහාරධිපති හිමියන් දහවල් දානයකට වඩිමින් සිටියදී මාතර සිට වව්නියාව බලා ධාවනයවූ දුම්රියේ උන්වහන්සේ ගමන් ගත් මෝටර් රථය ගැටී ඇති බවද පොලීසිය කියයි.

මේ දුම්රිය හරස් මාර්ගයේ විදුලි ආලෝක සංඥා පද්ධතියක් ඇතත් එය නිසි ආකාරයෙන් කියා නොකරන බව ප්‍රදේශවාසිහූ කියති. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version