මෙරට නිල සංචිත වත්කම් ප්රමාණය මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසය තුළ පහළ බැස ඇති බව මහ බැංකුව පවසනවා.
සැප්තැම්බර් මාසයේ මෙරට නිල සංචිත වත්කම් ප්රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,779ක් පැවැති බවත් එය ඔක්තෝබර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1,704ක් දක්වා පහත බැස ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.
ඒ අනුව, සැප්තැම්බර් මාසයට සාපේක්ෂය ඔක්තෝබර් මාසය තුළ මෙරට නිල සංචිත වත්කම් ප්රමාණය සියයට 4.2කින් පහත බැස තිබෙනවා.
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.