ඊයේ (15) දින රාත්‍රී කන්කසන්තුරය සිට පැමිණී නගරාන්තර දුම්රිය කොල්ලුපිටිය ආසන්නයේ පීලී පැනීමකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් අද (16) දින උදෑසන කොළඹ කොටුව සිට මුහුදුබඩ මාර්ගයේ ධාවනයට සැලසුම් කර ඇත්තේ, පෙරවරු 06.50 ට බෙලිඅත්ත බලා ධාවනය වන දුම්රිය සහ 08.30 ට බෙලිඅත්ත බලා ධාවනය දුම්රිය පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මුහුදුබඩ මාර්ගයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ධාවනය වුව ද සුලු ප්‍රමාදයක් සහිතව ධාවනය වන අතර උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් ද මේ වන විට අවලංගු කර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version