රාජ්‍ය බැංකුවක රුපියල් මිලියන 68කට අධික වංචාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව 62 හැවිරිදි විශ්‍රාමික සහකාර සාමාන්‍යාධිකාරීවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මුල්‍ය වංචාව කලක සිට සිදුවී ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම වංචාව සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් තවත් කාන්තාවක් මේ වසරේ ජනවාරි 11 වැනිදා අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හයවැනි මහලෙන් බිමට පැන සියදිවි හානිකරගෙන තිබුණා.
මෙම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හයවැනි මහලෙන් බිමට පැන ඇත්තේ වැසිකිළියට ගොස් එහි ජනේලයකින් බිමට පැනීමෙනි.
ණය දෙන සමිතියක් නිර්මාණය කර විවිධ කාන්තාවන්ට ණය ලබා දෙන බව පවසමින් ඔවුන්ගේ තොරතුරුවලින් ලිපිගොනු සකස් කර බැංකුවෙන් ණය ලබාගෙන මෙම වංචාව සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
මෙම වංචාවට බැංකු නිලධාරීන්ද සම්බන්ධ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අභ්‍යන්තර විගණනයකදී අනාවරණය වූ පරිදි රාජ්‍ය බැංකුවක මෙම වංචාව සිදුව ඇත. ඒ අනුව 2017 නොවැම්බර් 17 වැනිදා අභ්‍යන්තර විගණන නිලධාරියා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
මෙම වංචාවේදී පුද්ගලික ණය ලිපිගොනු 48ක් ව්‍යාජ ලේඛන සහිතව ඉදිරිපත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ අනුව පසුගිය සිකුරාදා මෙම වංචාවට සම්බන්ධ බව කියන බැංකුවේ හිටපු සහකාර සාමාන්‍යාධිකාරීවරිය අත්අඩංගුවට ගැනුණා.
ඒ කොළඹ කොටුවේදී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පොලිසිය පවසන්නේ මෙම වංචාවේ ප්‍රධාන සැකකරු මියගොස් ඇති බවයි. ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හයවැනි මහලෙන් පැන සියදිවි හානිකරගෙන ඇත. මෙම මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.