පළාත් පාලන මැතිවරණයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව දෙන්නැයි ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානී ලියනගේ මහත්මිය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යවා තිබේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන කාලසීමාවේදී දිවා කාලයේ පොලිස් නිලධාරීන් 35 දෙනකු සහ රාත්‍රි කාලයේ 28 දෙනකු අවශ්‍ය බවත් ඒ සඳහා නිලධාරීන් ලබා දෙන්නැයි ඉල්ලමින් මුද්‍රණාලාධිපතිනිය පොලිස්පතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ. (ලංකාදීප)

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version