පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන වෙත සුදුසු නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඉකුත් ජනවාරි මස 09 වනදා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා රථවාහනවලට සහ විදුලි ජනක යන්ත්‍රවලට වෙන් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එම දිවුරුම් ප්‍රකාශය තුළින් සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි අදාළ දිවුරුම් ප්‍රකාශය තුළින් පෙන්වාදී තිබෙන්නේ.

පවතින තත්ත්වය හමුවේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී ඇති බැවින් අවශ්‍ය පහසුකම් සලසන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලය, පොලිස්පති, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත අවශ්‍ය හා සුදුසු නියෝග නිකුත් කරන ලෙසයි මැතිවරණ කොමිසම සිය දිවුරුම් ප්‍රකාශය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version