පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනිදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 03 වැනිදා ප්‍රකාශයටපත් කරන බවද සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මෙම තීරණය ගත් බවද පවසයි.

එමෙන්ම ඡන්ද විමසීමට අදාළ මුදල් භාණ්ඩාගාරයෙන් ලබාගැනීම සඳහා මැදිහත් වෙන ලෙස ඉල්ලීමක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. (දිවයින)

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version