කතෝලික ජනතාවට ඉතා වැදගත් දවසක් වන මහ සිකුරාදා දිනය අදට (07) යෙදී තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සහ කුරුසියේ ඇණ ගැසීම සිහිකිරීම සඳහා ඇති වත්පිළිවෙත් ඉටු කිරීමට කිතුණු බැතිමතුන් අද කටයුතු කරනු ලබනවා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබෙනවා.