අයහපත් කාලගුණයත් සමඟ මහ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව කටාන සහ දංකොටුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතිනවා.

අදාළ ප්‍රදේශවල සිටින පිරිස් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version