ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම දන්සැල් අද ‍දින (5) සිට (7) දින දක්වා දින තුනක් පරීක්ෂා කිරීම සිදුකරන බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. එම් .සාමබන්දු කුමාර මහතා පැවැසීය. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 15 හි සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවා රාත්‍රි දෙකෙහිම දන්සැල් සෝදිසි කිරීම සිදු කරගෙන යන බව ද ඒ මහතා කියා සිටියි.

මේ වන විට දන්සල් පවත්වාගෙන යන සංවිධාන හා පුද්ගලයන් ඔවුන්ට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි ලියාපදිංචිවෙමින් සිටින බව ද හෙතෙම කීය .

දන්සල් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව එම ලියාපදිංචි වන දන්සල් පවත්වන්නන් හට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදී ඇති බව පවසන සාම බන්දු මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් පිළිනොගෙන මහ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර අයුරින් පවත්වාගෙන යන දන්සල් වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන බවත් එයටද අවනත නොවෙන දන්සල් වල ආහාර සහ එය පවත්වාගෙන යන පුද්ගලයන්ව අත්අඩංගුවට ගෙන නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version